පෑලියගොඩ ගින්නකින් නිවාස 14කට හානි

පෑලියගොඩ පොලිස් වසමේ පෝරණුකොටුව වත්තේ නිවාස පේළියක හදිසි ගින්නක් හට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ(19) රාත්‍රී 7.40 ට පමණ මෙම ගින්න හට ගෙන ඇතැයි ‍පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වී තිබේ.

පෑලියගොඩ පොලීසිය හා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර, පේළියේ නිවාස 14 කට පමණ හානි සිදුව තිබේ.

පෑලිය‍‍ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *