ත්‍රිරෝද රථයක ගැටුණු අයෙක් ජීවිතක්ෂයට

තිරප්පනේ පොලිස් වසමේ තිරප්පනේ නගරයේ දී තිරප්පනේ නගරයේ සිට කැකිරාව දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකුගේ ගැටී සිදුවු අනතුරකින් එම පුද්ගලයා මියගොස් ඇත.

අනතුර සිදුවීමෙන් පසුව අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.

මරණයට පත්ව ඇති තැනැත්තාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැත.

තිරප්පනේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *