ජවිපෙ අපේක්ෂකයා අද ප්‍රකාශයට

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ ජාතික ජන බලවේගය රැළිය අද (18) පැවැත්වෙයි.

කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පස්වරු 3.00 ට පමණ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේග රැළිය ආරම්භ කිරීමට නියමිතව ඇත.

එහි සූදානම පිළිබඳව සොයාබැලීමට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ ගාලු මුවදොර පිටියට පැමිණ සිටියේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රටේ ජනතාව බලාපොරොත්තු වු ආකාරයට ජනතාවගේ අපේක්ෂාවේ අපේක්ෂකයා අද වේදිකාවේදී රටට හඳුන්වා දෙන බවයි.

මේ අවස්ථාවේ රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ රට ගොඩනැඟිය හැකි ජාති ආගම් කුල භේද නැති රටට නායකත්වය දිය හැකි ජව සම්පන්න නායකයෙකු බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගය යනු ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව තව පක්ෂ සංවිධාන 28ක් සිටින බවත් ඒ සියල්ලන්ටම ඇත්තේ රට ගොඩනැගීම පිළිබඳ හැඟීමක් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ඒ සඳහා ශක්තිය ධෛර්යය හා කැපකිරීම ඇති නායකයෙකු රට හමුවේ ඉදිරිපත් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *