රාජිත කුමන්ත්‍රණවලට දක්ෂ නියම බඩුවක්-රෝහිත

අපේක්ෂකයෙක් තෝරාගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය අර්බුධයට ලක්ව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

කළුතරදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“යූ එන් පී කාරයන් අද ඉතාම අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා.

පක්ෂයේ නායකයයි නියෝජ්‍ය නායකයයි අතර අන්තර් සම්බන්ධීකරණයක් කොහොමද සිද්ධ වෙන්නේ? පිල් දෙකකට බෙදිලා.

දැන් සිරිකොතේ ගහලා තියෙනවා බාලගිරි දෝශය අද නෙවේ හෙට කියලා. හේතුව අපේක්ෂකයා තෝරගන්න බෑ.

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ගේ ඇතුළේ තමයි රහස් කුමන්ත්‍රණ සාකච්ඡා ටික යන්නේ.

ඔහු ඇතුලේ මණ්ඩලේ කචල් කරන්න හා කුමන්ත්‍රණවලට දක්ෂ අතිශූර නියම බඩුවක්.

ඉවර කරපු යූ එන් පී එක හාන්සි කරන්න එපැයි.

අපිට ඉක්මනට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාව කියන්න.

බැරිනම් ඉන්න අපේක්ෂකයෝ ටික ඔක්කොම දර මිටියකට තියලා බැඳලා කියන්න අපි දුසිමක් දානවා කියලා.

දුසිමක් දැම්මත් අපි හොඳ ජවසම්පන්න ඉතාම දක්ෂ ශක්තිමත් අශ්වයෙක්ව දාලා ඉන්නේ.

දැන් අපිට එවන්න හදන්නේ කොටළුවෙක්ව. අශ්වයෙකුයි කොටලුවෙකුයි දිව්වොත් එහෙම දිනන්නේ අශ්වයා.

ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ අපේ අපේක්ෂකයාගේ ජය අනිවාර්යයෙන්ම ඒකාන්තයි ස්ථිරයි.”

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *