ගෝඨා මැදමුලනට

ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) උදෑසන මැදමුලන තම උපන් ගමේ විහාරස්ථානය වන මැදමුලන පල්ලෙමුලන ශ‍්‍රී ධර්ම ගිරි ගිරුවා සඳ විහාරස්ථානයට පැමිණියේය.

එහිදී පල්ලෙමුලන ධර්ම ගිරි ගිරුවා සඳ විහාරස්ථානයේ විහාරාධිපති තංගල්ල ධම්මතිලක පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති සපුගස්යායේ ධම්මානන්ද නාහිමි බැහැදැක සුවදුක් විචාලේය.

අනතුරුව සෙත් පිරිත් සජ්ජායනය සහ අනිකුත් ආගමික වතාවත්වලින් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා තම උපන් නිවස වන මැදමුලන නිවස වෙත පැමිණියේය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ගම් වාසීන්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

පසුව මැදමුලන පිහිටි සිය දෙමාපියන්ගේ ස්මාරකය වෙත පැමිනි ඒ මහතා පිළිගැනීමට විශාල පිරිසක් එක්ව සිටි අතර උපහාර දැක්වීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“ජනාධිපති අපේක්ෂක වශයෙන් මා නම් කිරීමෙන් පසුව කැළණිය රජමහා විහාරයත් අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේත් මහනුවර දළදා වහන්සේත් වන්දනා කරලා මල්වතු අස්ගිරි නායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ලබාගෙන ඊයේ කතරගම කිරිවෙහෙර සහ කතරගම දේවාලයත් වැඳ පුදාගෙන ආශිර්වාදය ලබා ගැනීමෙන් පසු අද මැදමුලන හැදුන වැඩුන ගමට ආවා.

අපේ දෙමාපියන්ගේ මෑණියන්ගේ සහ පියාණන්ගේ ස්මාරකය ඉදිරිපිටට පැමින ඔවුන්ගේ ආශිර්වාද ලබා ගන්න හිතුවා. මේ ප‍්‍රදේශයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ සහ තමුන්නාන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමට මා අද මෙම ස්ථානයට පැමිණියා.

අවුරුදු අසූවක් පමණ පැරණි ඉතිහාසයක් තිබෙන අපේ දේශපාලන ඉතිහාසයේ මීට අවුරුදු පනහකට ප‍්‍රථම ඔබ සැම මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ළාබාලතම මන්ත‍්‍රීවරයා වශයෙන් පත්කර මේ රටේ ජනාධිපතිවරයා දක්වා ගෙන ගියා.

එදා එතුමාට ආශිර්වාද කළා වගේම එතුමා ව යම් තැනකට ගෙන ගියා වගේ තමුන්නාන්සේලාගේ ආශිර්වාදය හා සහයෝගය බලාපොරොත්තුවෙන් මෙම ස්ථානයට පැමිණියා. අද මෙම ස්ථානයට මා වෙනුවෙන් පැමිණි සියලූ‍ දෙනාටම මගේ ස්තුතිය පිරිනමනවා.“

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ද එක්ව සිටියහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපතිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ති‍්‍රවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීමට මුල් තැන දෙමින් අනුරාධපුරයේ ආගමික වතාවත්වල නියැලීමෙන් අනතුරුව මහනුවරට පැමිණ ආගමික වතාවත්වල නියැලිනි.

ඊයේ (15) කතරගම පූජාභූමියේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව අද තම මුල් ගම වන මැදමුලනට පැමිණියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *