මම ජනපති අපෙක්ෂකයෙක් නෙමෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා නම් කිරීමට නියමිත බවට පුවත්පත්වල පලවන වාර්තා අසත්‍ය බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි.

ඔහු පවසන්නේ දයාසිරි ජයසේකර මහතා සිදු කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකතනය කරමින් ඇතැම් පුවත්පත් මේ බව වාර්තා කර ඇති බවයි.

යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සී.වී විග්නේෂ්වරන් මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින් නම් කිරීමෙන් පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය ලබාදෙන පක්ෂය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එහි නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *