එජාපය තුනට කැඩෙනවා-ලක්ෂ්මන් යාපා

ඉදිරි සති කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂය කොටස් තුනකට කැඩෙන බව. එක්සත් ජානතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ අමාත්‍ය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ කොටස, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොටස සහ පොදු ජන පෙරමුණ සමඟ එකතුවන කොටස වශයෙන් බේදීමට ලක්වන බවත් මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද(16) පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ අතර එක්සත් ජාකික පක්ෂයට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු නම් කර ගත නොහැකිව මේ වන විට ලතවෙමින් පසුවන බව මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *