ටිපර්-වෑන් අනතුරකින් කතුන් දෙදෙනෙක් ඇතුළු 3ක් මරුට-2කට බරපතළයි

හබරණ-දඹුලු මාර්ගයේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය පවසයි.

ඊයේ(15) රාත්‍රී 10.00ට පමණ ටිපර් රථයක් සහ වෑන් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනා බවත් එයින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් බව වාර්තා වෙයි.‍

මේ අතර තවත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් බරපතළ තුවාල දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහලට මාරු කර යැවූ බව පොලීසිය සඳහන් කළේය.

මෙසේ මියගොස් ඇත්තේ පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

හබරණ පොලීසිය විසින් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

වෑන් රථයේ රියදුරු ගේ අපරික්ශාකාරී රිය ධාවනය මෙන්ම ටිපර් රථ රියදුරු ගේ ද අපරික්ෂාකාරි ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිව සම්බන්ධයෙන් හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *