මස්කෙළිය සෝලංකන්ද තේ වත්තේ ඇල මාර්ගයක තිබී සිරුරක් සොයා ගනියි

මස්කෙළිය පොලිස් වසමට අයත් සාමිමලේ, පුංචි සෝලංකන්ද තේ වත්ත ප්‍රදේශයේ ඇල මාර්ගයක ලඳු පදුරු අතර තිබියදී පුද්ගල මළ සිරුරක් ඊයේ (14) පෙරවරුවේ සොයා ගෙන තිබේ.

ප්‍රදේශයට පැවති වැසි තත්ත්වය තරමක් අඩුවී තිබු අවස්ථාවේ දර කැඩීමට ගිය පිරිසක් විසින් මෙම මළ සිරුර දැක පොලිසිය වෙත දැනුම් දී තිබේ.

මෙසේ මරණයට පත්වුයේ එම ප්‍රදේශයේම පදිංචි කරුවකු වු පෙරුමාල් ජෙගදීස්වරන් (46) නමැති පුද්ගලයෙකි.

විවාහකයෙක් වු මරණකරු කලක සිට තනිව ජිවත් වු බව පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වී තිබේ.

ඔහු ජීවත් වු නිවස මෙම පුද්ගලයාගේ සිරුර සොයාගනු ලැබු ස්ථානයට ඉහළින් පිහිටා තිබේ.

මෙම මරණය සම්බන්ධව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේදී අද පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරි කළණ මහතා විසින් පවත්වා දියේ ගිලී සිදුවූ මරණයක් බවට නිගමනය කළේය.

හැටන් කොට්ඨාශ අපරාධ ස්ථානපරික්ෂණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඕ.සී. සුභසිංහ මහතා ඇතුළු ලොලිස් නිලධාරීන් පිරිසක් සෝකෝ පරීක්ෂණය පවත්වනු ලැබීය.

මස්කෙළිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *