සජිත් කියන්නේ ජනතාවගේ ප්‍රාර්ථනය නෙමෙයි-විද්‍යාරත්න

ජනතාව බලාපොරොත්තුවන අපේක්ෂකයා ඉදිරිපත් කිරිමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම. මහින්ද රාජපක්ෂ පාර්ශ්වයද අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

බදුල්ලේදී ඊයේ(13) මාධ්‍යයට අඳහස් දක්වමින් ඔහු මේ පිළිබඳව අඳහස් පල කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයේ දස රාජ ධර්මවලින් රට පාලනය කරන බව පැවසු බවත් සඳහන් කර සිටි විද්‍යාරත්න මහතා, මහින්ද රාජපක්ෂ මහතා ද මෙලෙසම පැවසු බවද කියා සිටියේය.

වසර 71 ක් දස රාජ ධර්මයෙන් රට කරවන ආකාරය ගැන බලා සිටි බවද පැවසු ඒ මහතා, ධර්මයෙන් ඇවිල්ලා අධර්මයෙන් රට කළ ආකාරය ජනතාවට මතක බවද පැවසීය.

සිරිකොත අද වන විට බංකොලොත් වී ඇති බවත් පැවසු ඒ මහතා, සිරිකොතේ ඇති හට්ටි මුට්ටි සියල්ල අද පාරට ඇවිත් ඇතැයි ද කියා සිටියේය.

තවමත් නායකයෙක් තෝර ගන්න බැරි බවද පැවසු විද්‍යාරත්න මහතා, එජාපය නායකයෙක් තෝර ගන්න බැරුව සිටින බවද පැවසීය.

අද වන විට කට්ටිය එළියේ සටනට ඇවිත් ඇති බවත් පැවසු විද්‍යාරත්න මහතා, අද වන විට එක්සත් ජාතික පක්ෂය බංකොලොත් වී ඇතැයි ද කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස කියන්නේ මේ රටේ මිනිසුන්ගේ ප්‍රාර්ථනය නොවන බවද සඳහන් කළ විද්‍යාරත්න මහතා, එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සමාජිකයින් සජිත්ට කැමති යැයි පැවසීම බොරුවක් බවද පැවසීය.

සජිත් ඔය කියන තරම් වැඩ කාරයෙක් නම් 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වී සිටියි ද යනුවෙන් ප්‍රශ්න කර සිටි විද්‍යාරත්න මහතා, කුණු කාණු දිගේ ඇවිත් ඔටුණු ඔළුවට වැටෙන්නේ නැති බවත්, ඔටුන්න ලබා ගත යුතු බවත් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පිලත් වෙනසක් නොමැති බවත්, ඇමෙරිකා පුරවැසිභාවයක් ඇති අයෙක්ට ලංකාවේ නායකත්වය ලබා දිය යුතු දැයි ප්‍රශ්න කර සිටි විද්‍යාරත්න මහතා, නායකයා පත් විය යුත්තේ රාජපක්ෂ පවුලට නොව මුළු රටටම බවද පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *