225 ප්‍රතික්ෂේප කරන්න නාගානන්ද සුදානම්

ඉදිරි ජනාධිපතිවරණයේදි තේරී පත්වන අපේක්ෂකයා කිසිදු බලතල රහිත නාමික පුදුගලයෙකු බවට. පමණක් පත්වන බව නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසයි.

කොළඹදී ඊයේ(13) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිකිරීම වෙනුවෙන් මහජන මතය විමසීමක් බවට පරිවර්තනය කළ යුතු බවයි.

රාජ්‍ය පාලකයින් විසින් සාදන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවගේ ආරක්ෂාවට නොව එය සාදා ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවද පැවසීය.

අපිට ප්‍රඥාවෙන් යුතුව මේ ගැටේ ලිහන ආකාරය සිතියු යුතුව ඇති බවත් පැවසු ඒ මහතා, දැන් සිටින ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමත් සමඟ ඊළඟට එන ජනාධිපතිවරයාට අද තිබෙන අමාත්‍යධූර ටික හෝ නොලැබෙන බවද කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් ඡේදයේ ජනාධිපතිවරයාට දැන් ඇති බලය පවා මෙම ව්‍යවස්ථාවෙන් අහිමි කරන බවත්, එනිසා මහජනතාව ඉදිරියට ගොස් 225 දෙනාම ප්‍රතික්ෂේප කරන කැනකට පත්විය යුතු බවත්, දැන් තිබෙන්නේ ව්‍යවස්ථාමය විප්ලවයක් බවත් පැවසීය.

තමා ඉදිරියේ දී, ජනමතය ඉල්ලන්නේ හුදෙක් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට නොවන බවද මෙහිදී නාගනන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *