සාක්ෂි දෙන්න ජනපතිට දින 3ක් දිලා තියෙන්නේ-ෆොන්සේකා

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ. සාක්ෂි විමසීම සදහා ජනාධිපතිවරයාට දින නියම කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් වන දින මෙතෙක් තීරණය කර නොමැති අතර ඉදිරි දිනකදි කාරක සභා සාමාජිකයින් රැස්ව ජනාධිපතිවරයා සාක්ෂි විමසීම සදහා කැදවීමට නිශ්චිත දින වකවානු යොදාගැනීම හා ඊට අදාළ ලිපිය සකස් කරන බව ඔහු සදහන් කළේ.

කෙසේවෙතත් අද රාගම ප්‍රදේශයෙදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජික ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් පැසුවේ ජනාධිපති වරයා පැමිණ සාක්ෂි දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කර අවසන් කළ හැකි බවයි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂි දීම සඳහා පැමිණේනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය.

සාක්ෂි ලබා දීම සඳහා ඉදිරි සතිය තුල දිනක් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර එම දින තුනෙන් කැමති දිනයකදී ජනාධිපතිවරයාට සාක්ෂි ලබා දීම සඳහා පැමිණිය හැකි බවද සරත් ෆොන්සේකා මහතා ප්‍රකාහ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *