ෆොන්සේකාගේ ප්‍රකාශයට එජාපයෙන් පිළිතුරක්

නැවත වරක් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ. අරමුණින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා විවිධ ප‍්‍රකාශ සිදු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

එහෙත් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය මෙවර හිමිවන්නේ ජනතාව ඉල්ලා සිටින පුද්ගලයාට බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිදු කළ ප‍්‍රකාශවලට ප‍්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මෙම අදහස් පළ කළා.

රටේ අවශ්‍යතාව අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබුණා. මේ මොහොතේ ජනතාවට වඩා වැදගත් වන්නේ ආරක්ෂාව බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවැරදි ලෙස රටේ අවශ්‍යතා හදුනාගෙන සිය අපේක්ෂකයා නම්කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකළහොත් එම අපේක්ෂකයා දිනවීමට හෘද සාක්ෂියට එකගව කටයුතු කළ නොහැකි බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙහිදී කියා තිබුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *