කොබෙයියකු එක්ක සටනට වටු කුරුල්ලෙකුට බැරි නම් රාජාලියකු දෙන්න රනිල්ට අභියෝගයක්

එක්සත් ජාතික පක්ෂනයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොබෙයියකු ගැන කතා කරන. බවත් කොබෙයියෙක් සමග සටන් කිරීම සඳහා වටු කුරුල්ලන්ට හෝ වෙනත් පක්ෂියෙක් සුදුසු නැති බවත් ඒ සඳහා රාජාලියෙකු සටනට දැමිය යුතු යැයි එම රාජඅලියා පක්ෂය තුළම සිටින සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා පවසයි.

අද (13) දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා කියා සිටියේ මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා නම් කොට තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ ලබන 18 වන දින සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවත් එහෙත් තවමත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරගැනීමට රනිල් වික්‍රමසිංහ නායකතුමාට නොහැකි වී තිබෙන බවය.

කඩිනමින් එය පත් කළ යුතු යැයි ප්‍රකාශ කළ හෙතෙම කියා සිටියේ අනිවාර්යයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස උතුර නැගෙනහිර සහ දකුණු ඉල්ලන එකම නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා බවය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් නොකළහොත් ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතා ගන්න ඕනෑම තීන්දුවක් තීරණයක් සමග එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය ඒකරාශි වන බවද සභාපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නෙකදි පිළිතුරු දුන්නේය.

මෙහිදී එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් මාර්ටින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ආදර ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක හැටියට යොදවා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ බවත් ඔහු සමඟ කරට කර සටන් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අපේක්ෂකයෙකුට නොහැකි බවත් එකම අපේක්ෂකයා වන්නේ තරග කිරීම සඳහා සජිත් ප්‍රේමදාස පමණක් බවය.

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ අපේක්ෂකයන් ලෙස රටම ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් එය මහින්ද රාජපක්ෂ මහතා අනුමත කරමින් ඔහු ජනාධිපති අපේක්ෂකයා බවට පත් කළ නිසා රටේ බහුතර ජනතාව එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලෙසය.

විරුද්ධ පක්ෂයෙන් හොඳම දුවන්න පුළුවන් අශ්වයා ගෝඨාභය රාජපක්ෂ නම් කර ඇති නිසා එක්සත් ජාතික පක්ෂයෙන් දිවීමට ඇති හොඳම ශක්තිමත්ම අශ්වයා සජිත් ප්‍රේමදාස මහතා බවත් තම පක්ෂයේ සිටින අනිත් අයට ගෝඨා සමග දිවිමට පාදවලට ශක්තියක් නොමැති බවද එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.

මුළු රටේම එක්සත් ජාතික පාක්ෂිකයන් තීරණය කොට ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා ලෙස වෙනත් කවුරුන් හෝ වේවා රනිල් වික්‍රමසිංහ මහතා වේවා ඉදිරිපත් වුවහොත් ඡන්දපොළට නොයන බවද කීවේය.

එක්සත් ජාතික පාක්ෂිකයෝ සියලුදෙනාම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ‍ප්‍රතික්ෂේප කොට තිබෙන බවත් නැවතත් රාජපක්ෂලාට මේ රට භාරදීමට රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කරන බවත් චෝදනා කළේය.

රවී කරුණානායක , පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න පිරිස පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණය කරන බවද කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයට හොරා නාමයක් ගෙනාවෙ ද රවි කරුණානායක බව කියා සිටියේය.

රවී කරුණානායක මහතාට මොළේ අමාරුවක් තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඇති පෞද්ගලික ආරවුලක් නිසා විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරන බවත් අකිල විරාජ්, පාඨලී චම්පික රණවක දොස්තර රාජිත සේනාරත්න යන අයට අවශ්‍යතාවය පවතින්නේ සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොදී සිටීමට බවද හෙතෙම කියා සිටියේය.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩා ගෙන ගිහිල්ලා මහින්ද රාජපක්ෂ කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. අපි එය ප්‍රජාතන්ත්‍රවාදීව පිළිගත යුතුයි. අපි දැක්කා ඒ අතරේ සරත් ෆොන්සේකා මැතිතුමා කියලා තියෙනවා පොහොට්ටුවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ සුදුසුම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියලා.

සරත් ෆොන්සේකා මහත්තයා පසුගිය කාලයේ පොදු අපේක්ෂකයා වෙලා ඉදිරිපත් වුණා හැබැයි පරාද වුණා. එයා දැන් මේ හදන්නේ එයාට ගෝඨාභයට මූණදෙන්න සුදුසුම එක්කෙනා මම කියලා නැවතත් අපේක්ෂකත්වය ගන්න. හැබැයි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියනවා මේක සෙල්ලම් කර කර ඉන්න අවස්ථාවක් නෙවෙයි. දැන් පිටිය සකස් වෙලා ඉවරයි. ඉදිරියේදී 2020 මැතිවරණය තීරණාත්මක සාධකයක්. කරුණාකරලා රට ඉල්ලන පොදුජන පෙරමුණ බලාපොරොත්තුවෙන ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වෙන ඒ සටන්කාමී අපේක්ෂකයා තමයි සජිත් ප්‍රේමදාස .

අපි හෙට වෙනකොට කොළඹට එන්න සූදානම්. සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා නායකතුමාට සටනට සූදානම් කියලා. රවි කරුණානායක ඇතුළු කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොදී නොයෙකුත් කූට වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒවා හරියන්නෙ නෑ. ලබන සතිය වෙනකොට තීරණය ගත යුතුයි. සන්ධානය හදන්න කලින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුද කියලා රටට කියන්න. රනිල් වික්‍රමසිංහ මහතා නායකයා වෙලා ඉඳලා පරාජය භූමිකාව තමයි රඟපෑවේ. දිනන්න ඕන්නං සජිත් ප්‍රේමදාස දාන්න රට නැවතත් රාජපක්ෂවරුන්ට ලබා දෙන්න ඕන නම් වෙනත් අපේක්ෂකයෙක් දාන්න.”

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *