එජාපයෙන් බැරි වුනොත් වෙනත් පක්ෂයකින් සජිත්ව ගෙනවා-දිලිප්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ශක්තිමත් අපේක්ෂකයෙකු. ඉදිරිපත් කරන බව කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය කරන තීරණාත්මක බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි.

අනුරාධපුර, තලාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය නොලැබුණහොත් වෙනත් පක්ෂයකින් හෝ ඔහු ජනපතිවරණයට ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම ජාතික නිදහස් පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසුවේ එක්සත් ජාතික පක්සයේ සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාව අනුකරණය කිරීමට පෙළඹි ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ප්‍රධාන පක්ෂ දෙකෙහිම නායකයෙක් නොමැති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *