ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අදයි

මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ සිව්වන රන්දෝලි පෙරහැර අද(13) රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.

මේ අතර ඇසළ පෙරහැර මංගල්‍යෙය් තෙවැනි රන්දෝලි පෙරහැර ඊයේ(12) රාත්‍රී විදි සංචාරය කළේය.

ඊයේ රාත්‍රී 7.10 ට යෙදුණු සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කෙරුණි.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්ථියා විසින්ය.

දෑල ඇතුන් ලෙස ශ්‍රී දළඳා මාළිගාවේ ඇත් පන්තියේ සිංහරාජා සහ මියන්රාජා හස්ථීන් ගමන් කළේය.

මේ අතර සිව්වන රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.

අද රාත්‍රී 7.38 ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ කෙරෙන පෙරහැර දළඳා වීදිය, යටිනුවර වීදිය ,හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පැමිණ ඉන් රජ වීදියට හැරී ඉහළට පැමිණ ගෙවැදීමෙන් අවසන් කිරීමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *