දෙපිරිසක් අතර ගැටුමකින් තිදෙනෙකු රෝහලේ- හත් දෙනෙකු අත්අඩංගුවට

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ තරුණයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර තවත් තරුණියන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.

අදාළ තරුණයින් කුරුමන්කාඩු මංසන්ධියේදී මත්පැන් පානය කොට ඇති බවට සැක පළ කරන අතර එහිදී තරුණයින් දෙපිරිස අතර ඇති වූ බහින් බස් වීම දුරදිග යාමෙන් තරුණයෙකු විසින් තවත් තරුණයෙකුට පහරදීමෙන් පසුව එය දරුණු ගැටුමක් බවට පත් වී ඇත.

අනතුරුව තරුණයින් දෙපිරිස අත පොලු, මුගුරු, වීදුරු බෝතල්, තියුණු ආයුධ, සමගින් පහරදී ගැනීම් සිදුව ඇති අතර එහිදී පහරකෑමට ලක්ව තුවාල ලැබූ තරුණයින් තිදෙනෙකු රෝහල්ගත කෙරුණි.

අදාළ ගැටුම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් වව්නියාව පොලීසියට දැනුම් දී ඇති අතර අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් එම ස්ථානයේ ගැටුම ඇති කරගත් තරුණයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ පහරදීමෙන් තුවාල ලැබූ තරුණයින්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවට පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *