බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 3ක් ජීවිතක්ෂයට

ලිබියාවේ බෙන්ගාසි ප්‍රදේශයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නියෝජිතයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බෙන්ගාසි ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක් ආසන්නයේ දි බෝම්බ ඇටවු ලොරි රථයක් පුපුරුවා හැරීමෙන් ප්‍රහාරය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එළඹෙන උත්සව කාලයේ ට්‍රිපෝලි නගරයේ සාමය ආරක්ෂා කිරීම සදහා සටන් විරාමයකට එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කරන ලද කරුණු සම්බන්ධයෙන් සටන්කාමී කණ්ඩායම් එකඟතාව පල කිරීමෙන් පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

කෙසේවෙතත් අදාළ ප්‍රහාරය කුමන පාර්ශවයක් විසින් සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *