පාට පක්ෂ භේද නැතුව මේ මොහොතේ රජයේ වැඩ පිළිවෙලට එක්වන්න – මංගල

මේ මොහොතේ රජය ගෙන යන වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට පාට පක්ෂ භේද අමතක. කොට සියලු දෙනා එකට එකතුව රජයට සහයෝගය දිය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය .

මාතර හක්මන ප‍්‍රධාන මාර්ගය පළල්කර සංවර්ධනය කිරිම , මාතර පරෙවිදුවට නව පාලමක් ඉදිකිරිම , සහ මාතර කොටුවේගොඩ වෙරළ උද්‍යානය ඉදිකිරිම යන සංවර්ධන ව්‍යාපෘති ති‍්‍රත්වයේ වැඩආරම්භ කිරිම සදහා ඊයේ (11) මාතරදි පැවති උත්සවය අමතමින් ඔහු මේ බව පැවසිය .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

‘‘ මට සන්තෝෂයි කියන්න මේ කෙටි කාලය තුළ රැකි රක්ෂා පන්දහසකට අධික සංඛ්‍යාවක් මාතරට ලබාදිලා තියෙනවා . ඒ වගේම මාතර තවත් අමාත්‍යවරු දෙදෙනෙක් සිටිනවා ඔවුන්ගේ සහයෝගය ඇතිව රැකි රක්ෂා ලබාදිලා මෙතෙක් නොවුන සංවර්ධනය ඉදිරියට ගෙනයන්න අවශ්‍යයි . මොකද අපි දේශපාලනය කතා කරන්න කැමති නැහැ . නමුත් අපි දැක්කා බොහොම කයිවාරු ගහනවා පසුගිය කාලයේ කරපු සංවර්ධනය ගැන .

මම අහනවා මිත‍්‍රවරුනි කෝ ඒ කරපු සංවර්ධනයේ සලකුණු මේ මාතර දිස්ති‍්‍රක්කය තුළ , අවුරු දු 10 ක් තුළ පාරක් පළල් කරගන්න බැරිවුනා , අවුරු දු 10 ක් අපි කලින් කරපු සංවර්ධනය කැලැ වෙන්න ඉඩ දුන්නා , ඒ කාලය තුල රැකි රක්ෂා අඩුමගානේ දහසක්වත් දිලා තියෙද කියලා මම අහන්න කැමතියි . බොහෝ දෙනා එදා සල්ලි දිලා රැකියා ලබාගත්තේ . ඒ වැඩපිළිවෙල අපි අවසන් කරලා තියෙනවා . හැම කෙනාම රජයේ රැකියා හොයන්නෙ නැති වෙන්න පුළුවන් . අන්න ඒ අයටත් අපි එන්ටර්ප‍්‍රසිසස් ශි‍්‍ර ලංකා ණය යෝජනා ක‍්‍රමය ආරම්භ කරලා තියෙනවා . විශේෂයෙන් හැකියාව දක්ෂතාවය අදහස් තියෙන තරුණ තරුණියන්ට පොලිය ගෙවලා අපි ඒඅයට කුඩා ව්‍යාපෘති ආරම්භ කරන්න අතහිත දෙනවා.

ඒ වගේම උපාධිධාරියෙකුට විශ්ව විද්‍යාලයෙන් එලියට ආවම පොළි රහිතව ලක්ෂ 15 දක්වා ණය ලබාදෙනවා තමන්ගෙම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්න . ඊට අමතරව කාන්තාවන් ව්‍යාපාර කරනවනම් ලබාදෙන ඒ පොළි සහනයට තවත් 10% ක් ලබාදිලා තියෙනවා . මාතර දිස්ති‍්‍රකය තුල මේ වනවිට විසිපන්දහසක් ව්‍යාපෘති අලූතින් ආරම්භ කරලා ක‍්‍රමක‍්‍රමයෙන් පියවරෙන් පියවර දියුණු වෙමින් තියෙනවා . අපි මේ වැඩ කරන්න ඕන යුගයක් කතා කරකර ඉන්න යුගයක් නෙමෙයි .

නමුත් තමුන්නාන්සෙලා මේ තිරණාත්මක මොහොතේ මේ ගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සදහා පාට පක්ෂ භේද අමතක කරලා එකතු වෙන්න . ඒ තුළින් අපි මිළග වසර කිහිපය තුළ රට සංවර්ධනය කරනවා . ඒ වගේම කියන්න ඕන ජල ප‍්‍රවාහන මණ්ඩලය මහවැලියට වඩා වැඩි මුදලක් වියදම් කරපු මාතර ස්ටෙෆ් 4 ජල ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙමිනි පවතිනවා. ඒ ව්‍යපෘතිය හරහා හිටපු ජනාධිපතිතුමාගේ බෙලිඅත්ත ආසනයටත් ජලය ලබා දෙනවා ’’ යැයි සමරවිර මහතා වැඩිදුරටත් පැවසිය .

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *