ලෙකිමා සුළි කුණාටුවෙන් 13ක් ජීවිතක්ෂයට

අධික සුළං සමඟින් චීනය වෙත ඇතුලු වූ ලෙකිමා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13දෙනෙක් දැනටමත් මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා කර ඇත.

ඒ හේතුවෙන් ගුවන්ගමන් වාර රැසක්ද අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කළේය.

ලෙකිමා සුපිරි කුණාටුව චීනයේ නැගෙනහිර ජීජෑන්ග් ප්‍රාන්තයෙන් ගොඩබිමට ඇතුලු වී ඇත.

පැයට කිලෝමීටර් 187ක වේගයෙන් හමා ආ කුණාටුව ෂැන්හන් නුවර වෙත ඇදී එමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර අවදානම් කලාපවල වාසය කළ ලක්ෂයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් කටයුතු යොදා තිබුණි.

පවතින තත්ත්වය සලකා ප්‍රාන්තයේ සියලු ගුවන්තොටුපොළ වසා දමා ඇති අතර ඒ අතර ෂැන්හයි ගුවන්තොටුපොළ ද්විත්වයද ඇතුළත්.

ඒ හේතුවෙන් ගුවන් ගමන් 1791ක් අවලංගු කළ බලධාරීන් ගුවන්යානා 366ක් බීජිං ඇතුලු ගුවන්තොටුපොළ කිහිපයක් වෙත හරවා යැවීමටද කටයුතු කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *