අමෙරිකාවට සංචාරක අවදානම් නිවේදනයක්

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් අමෙරිකාව සඳහා සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය දිනවල අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ ගිනි අවි භාවිත කරගත් ප්‍රහාර මාලාවන් පිළිබඳ අවධානය යොමු කරමින් ක්ෂමා සංවිධානය මෙම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව ලොව පුරා සංචාරකයින් අමෙරිකාවේ සංචාරය කිරීමේ දී සැලකිලිමත්වන වන ලෙස දැනුම් දෙන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ විශේෂයෙන් වැඩි වශයෙන් පුද්ගලයින් එක්රැස්වන සංස්කෘතික උත්සව, ආගමික ස්ථාන, පාසල් සහ සාප්පු සංකීර්ණවල රැදී සිටීමෙන් වැළකී සිටිය යුතු බවයි.

අමෙරිකාවේ ටෙක්සාස් සහ ඔහියෝ යන ප්‍රදේශවල පසුගිය ඉරිදා සිදුවූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් 30කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *