පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රා අනතුරකින් 19ක් මරුට

නිරිත දිග පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රා තුනක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරට ලක්වූ යාත්‍රාවල ගමන් කළ තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් වී ඇති අතර පුද්ගලයින් පනස් දෙදෙනෙකු බේරාගැනීමට සහන සේවකයින් සමත්ව ඇති බව එරට බලධාරීන් සදහන් කර තිබේ.

එරට මැනිලා නුවරට දකුණු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ දී මෙම යාත්‍රා අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *