සෞදි කතුන්ට පනවා තිබු නීති ලිහිල් වෙයි

පුරුෂයින්ගේ අවසරයකින් තොරව විදේශගතවීමට සෞදි කාන්තාවන්ට අවසර හිමි වී ඇත.

ඒ එරට පාලක මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නියෝගයකට අනුවයි.

සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පාලකයා බවට පත්වීමත් සමග එරට පැවති දැඩි නීති රීති ලිහිල් කිරීමට කටයුතු කළේය.

කාන්තාවන්ට අහිමිවී තිබූ වරප්‍රසාද රැසක් යළි ලබාදීමටත් සල්මාන් කුමරු පියවර ගත්තේය.

රිය ධාවනය, පොදු කීඩාංගණවල සිට පාපන්දු තරග නැරඹීම එලෙස කාන්තාවට හිමිවූ වරප්‍රසාද අතර වෙයි.

මේ අතර පුරුෂයින්ගේ අවසරයකින් තොරව වයස අවුරුදු 21ට වැඩි කාන්තාවන්ට විදේශගගත වීමට අවසර ලබා දීමටත් නව නීතියක් මගින් අවස්ථාව උදාකර දී ඇත.

එමෙන්ම විවාහ, දරු උපත් හා දික්කසාද ලියාපදිංචි කිරීමටත් කාන්තාවන්ට අවසර ලබාදී ඇති බව සඳහන්.

කාන්තාවන් හා පුරුෂයන්ට සමානව සැලකීමේ පදනම මත මෙම නව නීතිය ක්‍රියාත්මක කර ඇත.

පෙර පැවති නීතියට අනුව කාන්තාවන්ට විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට හෝ විදෙස් ගතවීමට සිය පියාගෙන්, සැමියාගෙන් හෝ වෙනත් ඥාති පුරුෂයෙකුගෙන් අවසර ලබා ගත යුතු වුණි.

මේ අතර කාන්තාවන්ට නව රැකියා අවස්ථා උදාවන පරිඳි සේවක රෙගුලාසි සම්පාදනය කිරීමටත් සෞදි බලධාරින් පියවර ගෙන ඇත.

ඒ අනුව ස්ත්‍රී පුරුෂ භාවය, වයස හෝ ආබාධිත බව හේතුවෙන් වෙනස්කමකට ලක් නොවී රැකියාවක නිරත වීමට සියළු සෞදි වැසියන්ට අවස්ථාව උදාවනු ඇත.

2030 වර්ෂය වන විට එරට ආර්ථිකය පරිවර්තනයකට ලක් කිරීම සඳහා වන සැලසුමක් මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් 2016 වර්ෂයේදී හඳුන්වා දුන්නේය.

එම සැලසුමට අනුව එරට ශ්‍රම බලකාය සඳහා කාන්තා දායකත්වය සියයට විසි දෙකේ සිට සියයට 30 දක්වා ඉහළ දැමීමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *