නවසීලන්ත ටෙස්ට් තරගාවලියට වත්මන් කිසිදු පුහුණුකරුවෙක්ට අවසර නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් වර්තමානයේ සිටින කිසිදු පුහුණුකරුවෙකු සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන්ට දැනුම් දී ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යංශයේ ඊයේ(30) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එළඹෙන ටෙස්ට් තරගාවලියට මෙම පුහුණුකරුවන් කණ්ඩායම එක් නොවන බව සඳහන් කර සිටි අමාත්‍යවරයා, නික්ලි යන පුහුණුකරු හැරණ විට අනෙක් සියලු දෙනා වෙනස් කර ඇති බව ද පැවසීය.

කවුරුන් හෝ යෑමට අකමැති නම්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවත් එසේ නොමැති නම් ක්‍රිකට් ආයතනයේ වෙනත් රැකියාවක් ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

හතුරුසිංහ ඉතා දක්ෂ පුහුණුකරුවෙක් වුවත්, සමහර අවස්ථාවලදී යම් යම් දේවල් නිසි ලෙස සිදු නොවන බව ද සඳහන් කර සිටි අමාත්‍යවරයා, මාලිංගගේ අවසන් වචන කිහිපය ප්‍රකාශ කිරීම තමාට හෝ ආණ්ඩුවට කිසිදු බලපෑමක් නොවන බව ද පැවසීය.

මේ අතර මාස 44කට පසු පූර්ණ එක්දින තරගාවලි ජයක් බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද බංග්ලාදේශයට එරෙහිව අවසන් එක්දින තරගයට මුහුණ දෙයි.

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වු විශිෂ්ට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරගේ නමින් නම් කර තිබීම විශේෂත්වයක්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *