සීගිරිය නැරඹීමට එන විදේශ සංචාරකයින්ගේ වැඩි වීමක්

පාස්කු ප්‍රහාරයෙන් පසු සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 70% කින් මේ වන විටත් වර්ධනය වී තිබෙන බවත් මේ මේ දිනවල වැඩි වශයෙන් සීගිරිය නැරඹීම සඳහා බටහිර රටවල සංචාරකයන් දැකගැනීමට හැකි බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.

මේ දිනවල එක දිනයකට විදේශීය සංචාරකයන් නවසියයකට අධික පිරිසක් දිනපතා පැමිණෙන බවත් දේශීය සංචාරකයන් දිනකට හයසියයකට පමණ වැඩි පිරිසක් පැමිණෙන බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම සති අන්තයන්හි දී විදේශීය සංචාරකයන්ගේ වැඩි වීමක් නොමැති වුවද දේශීය සංචාරකයන්ගේ පැමිණීම 2500 ඉහළ යෑම විශේෂත්වයක් බවත් දේශීය සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල දමිළ සහ මුස්ලිම් ජනතාව සීගිරිය නැරඹීම සඳහා පැමිණීමෙන් බව හෙතෙම සඳහන් පවසයි.

පාස්කු ප්‍රහාරය සමඟ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් අඩු වීම හේතුවෙන් සංචාරක කර්මාන්තය මුළුමනින්ම කඩා වැටී තිබිණි.

සීගිරිය නගරයේ සංචාරකයන්ගෙන් ජීවනෝපාය සකසා ගත් අලි සෆාරි කරත්ත සෆාරි ඔරු සෆාරි සහ ආහාරපාන නවාතැන් ලබා දුන් බොහෝ දෙනෙකුද දැඩි ආර්ථික දුෂ්කරතාවයන් වලට මුහුණ පා සිටියහ.

නැවතත් මේ දිනවල විදේශිකයන්ගේ පැමිණීමත් සමඟ සංචාරක ක්ෂේත්‍රය යම් මට්ටමකින් පවත්වාගෙන යෑමට ඔවුනට හැකි වී තිබෙන බව සඳහන් කළහ.

සීගිරිය ප්‍රදේශයට පවතින දැඩි නියං කාලය හේතුවෙන් සීගිරිය පව්ව ඉදිරිපිට පිහිටා තිබෙන වැව සම්පූර්ණයෙන්ම සිදී ගොස් තිබේ.
එමෙන්ම සීගිරි උද්‍යානයේ පිහිටි සෑම ජල තටාකයක් ම සිදී ගොස් ජල මල් උද්‍යානය ද දැඩි වියළි ස්වභාවයට ගොස් තිබේ.

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සෑම අයකුගේම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කොට තිබෙන බවත් විශේෂයෙන් දේශීය විදේශීය සංචාරකයන් දැඩිආසාවකින් උවමනාවකින් මේ දිනවල සීගිරිය නැරඹීම සිදුකරන බවත් මේජර් අනුර නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *