ලොව විශිෂ්ඨ වේග පන්දු යවන්නෙක් අද ජාත්‍යන්තර එක්දින පිටියට සමුදෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පවසන්නේ ලසිත් මාලිංගට ජයග්‍රාහි සමුගැනීමක් ලබාදීම තම අරමුණ බවයි.

ලෝක කුසලාන එක්දින සංචිතයේ සිටි සුරංග ලක්මාල්, ජීවන් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ සහ මිලින්ද සිරිවර්ධනට බංග්ලාදේශ තරගාවලියේදී සංචිතයේ ස්ථාන හිමිව නොමැති අතර ඒ වෙනුවට දසුන් ශානක,අකිල ධනංජය,ෂෙහාන් ජයසූරිය,වනිඳු හසරංග සහ ලහිරු කුමාර සංචිතයට කැඳවා තිබේ.

ලොව විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග අද සිය අවසන් ජාත්‍යන්තර එක්දින තරගයට ක්‍රීඩා කරන අතර ඔහුගේ සමුගැනීමේ තරගය නැරඹිම වෙනුවෙන් ප්‍රෙවේශපත් මිලදී ගැනීමට ක්‍රීඩා ලෝලීන් තුළ පැවතියේ දැඩි උනන්දුවකි.

ඒ නිසාම තරගයට දින දෙකකටත් පෙර ප්‍රෙව්ශපත් සියල්ල විකිණී අවසන්වීම විශේෂත්වයකි.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරධූරය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණකරු චන්දික හතුරුසිංහ යළි පත්වීමේ ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක කුසලානයෙන් පසු ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ඔහුට දැනුම් දුන්නේ කොන්ත්‍රාත් කාලයෙන් මාස 16ක් ඉතිරිව තිබියදී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *