එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා මේ දිනවල අනුරාධපුරදී

එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා වැඩසටහනේ දෙවන ප්‍රදර්ශනය මේ දිනවල අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රිඩාංගනයේදී පැවැත් වෙයි.

රට පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරි ගැන්වීමත්, නව ව්‍යවසායකයින් බිහිකිරීමත් අරමුණු කරගෙන මුදල් අමාත්‍යාංශය විසින් එය සංවිධානය කර තිබේ.

ජනතා සුබසෙත වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ තොරතුරු දැක්වෙන ප්‍රදර්ශන කුටිය වෙත විශාල පිරිසක් පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය මඟින් පවත්වන විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක්ද එහිදී පැවැත්වෙනව බව එම මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *