දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාරම්මල, හොරොම්බාව සතිපොල ඉදිරිපිට බස්නැවතුම්පල අසල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 806 මිලිග්‍රෑම් 660ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.
මේ අතර රත්මලාන ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය සිදුකළ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 410ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 34 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.
පෑලියගොඩ නුගේපාර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දිසා අපරාධ කොට්ඨාස නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
සැකකරු 28 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.
