අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබේ.

කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, ඇලපාත, කිරිඇල්ල සහ අයගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල සුළු ගංවතුර තත්වයටක් හටගෙන ඇති බව ආපදා කළමාණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ප්‍රකාශ කලේ ඊයේ(18) රාත්‍රිය වනවිට පවුල් 50කට වැඩි පිරිසක් පීඩාවට පත්ව තිබු බවයි.

මේ අතර ඊයේ පැවති තද සුළං තත්වය හේතුවෙන් ගස් කඩා වැටී ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබුණි.

ගලු මෝදර ප්‍රදේශ ඇතුළු බොහෝ ප්‍රදේශවල සැහැල්ලු වාහන ගමනාගමනයටද තද සුළං තත්ත්වය හේතුවෙන් බාධා එල්ල වු බවයි අද දෙරණ වාර්තාකරුවන් පැවසුවේය.

මේ අතර ඊයේ රාත්‍රි බදුල්ල සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය නානුඔය ප්‍රදේශයේදී නවතා දමා තිබේ.

දුම්රිය පාළක මැදිරිය පැවසුවේ සෙසු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කරන බවයි.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබේ.

ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු ඊයේ පස්වරුවේ විවෘත කිරීමට පියවර ගෙන තිබුණි.

මේ අතර හැටන් ගිනිගත්හේන ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් වෙළඳසැල් කිහිපයකට හානි සිදුව තිබේ.

මධ්‍යම පලාතේ මාර්ග කිහිපයක් පස් කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වී ඇති බවෙ වාර්තා වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *