අනුරාධපුර පොලිස් වසමේ ගඟබඩ මාවත, මිහින්තලා පාර, අනුරාධපුර ලිපිනයේ පදිංචි නිවසක කාන්තාවක් සැක කටයුතු ලෙස මිය ගොස් ඇත.
මේ පිළිබඳ අනුරාධපුර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණයට පත්ව ඇත්තේ වයස 64ක් වු කාන්තාවකි.
මළ සිරුරෙහි හිසේ ලේ වැනි යමක් තැවරී ඇති බව පොලීසිය කියයි.
මූලික මහේස්ත්රාත් පරීක්ෂණය වෙනුවෙන් සිරුර එම ස්ථානයේම තබා ඇති අතර අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
