හෙරෝයින් සමඟ කතක් අත්අඩංගුවට

හෙරෝයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් ගල්කිස්ස පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

ඊයේ(17) උදෑසන මෙම වැටලීම සිදු කර ඇති අතර අදාළ සැකකාරි සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 250ක් සොයා ගත් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්ස මාවත, පමුණුගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකි.

අදාළ සැකකාරිය අද(18) දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *