සිවිල් ආරක්ෂක බළකා සෙබළියට පහරදුන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට

ඕමන්ත පුදිය වේලාර් සින්නකුලම් ප්‍රදේශයේදි ඊයේ (16) දින සිවිල් ආරක්ෂක බළකා සෙබළියකට හා ඇගේ සොහොයුරාට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දිනම අත්අඩංගුවට ගත් බවට ඕමන්ත පොලීසිය පවසයි.

අදාළ සිවිල් ආරක්ෂක බළකා සෙබළිය සිය සේවා කටයුතු නිම වී සවස නිවස බලා එමින් සිටින අවස්ථාවේදී මෙම පහරදීම සිදු කොට ඇති අතර සෙබළියට පහරදුන් පිරිස වළක්වාලීමට ගිය සෙබළියගේ සොහොයුරාටද අදාළ පිරිස් විසින් අමානුෂිකව පහර දී ඇති බවට පොලීසියට වාර්ථා වී ඇත.

පහරකෑමට ලක් වූ සෙබළිය පවසා ඇත්තේ තමන්ට පහරදුන් පිරිස බීමතින් සිට පහරදුන් බවටත් එහිදි තමන් ආරක්ෂක අංශයේ සේවය කිරිම නවතන ලෙසට තර්ජනය කරමින් අදාළ පිරිස් විසින් පහරදුන් බවටය.

පහරකෑමට ලක් වූ සිවිල් ආරක්ෂක බළකා සෙබළිය හා ඇගේ සොහොයුරා වවුනියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන අතර අදාළ පහරදීම ඔම්න්ත පොලීසියට වාර්ථා වූ අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ ඕමන්ත පොලීසිය විසින් පහරදීම සිදු කරන ලද පිරිසෙන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දිනම අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *