UNPය දැන් කණ්ඩායම්වලට වෙන් වෙලා-මනෝ

ජනාධිපති අපේක්ෂකයා මුල්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය තුළ මතභේදකාරි. තත්ත්වයක් හටගෙන ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

කොළඹ පැවති ක්‍රීඩා උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ පක්ෂය තුල වෙන් වෙන් වශයෙන් කණ්ඩාම් සදාගනීමින් වෙනම වු න්‍යාපත්‍රයන්ට පක්ෂය තුල කටයුතු කරන බවයි.

මෙම තත්ත්වය මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තුල දැක ගැනීමට හැකි බවත් එවැනි බෙදීමක් එක්සත් ජාතික පක්ෂය සිදු නොවීමට නායකයන් වග බලා ගත යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙලෙස රණ්ඩු කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් පකෂයට ලැබෙන ජයග්‍රහණයන් නැති වි යා හැකි බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවදාරණය කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *