හෙරොයින් සමඟ සැකකාරියක් පෑලියගොඩ දී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
ඊයේ(16) උදෑසන 9 ට පමණප පෑලියගොඩ පොලිස් වසමේ මෑවැල්ල, 40 වත්ත, ප්රදේශයේ දී මෙම කාන්තාව අත්අඩංගුවට පත්ව ඇත.
බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්රෑම් 30 යි මිලිග්රෑම් 150 ක් සන්තකයේ තබා ගෙන සිටි මෙම කාන්තාව අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 31 ක් වු කැලණිය, ප්රදේශයේ පදිංචි කාන්තාවක් බව අනාවරණය වී තිබේ.
සැකකාරිය ඊයේ අළුත්කඩේ අංක 5 මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වා තිබේ.
