නිදහස් පක්ෂයට පොහොට්ටුවෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවකින් තොරව ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට. පත් නොකරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පක්ෂයට දැනුම්දී ඇති බව මහින්ද අමරවීර මන්ත්‍රීවරයා පවසයි.

හම්බන්තොටදී ඊයේ (16) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ හමුවේ පිලිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා පැවසුවේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර අඛණ්ඩව සාකච්ඡා සිදු වන බවයි.

මේ මස අවසානය වන විට යම් කිසි එකඟතාවයකට පැමිනිමය බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසී.

එමෙන්ම මාධ්‍ය වෙදීන් මුස්ලිම් විවාහ නිතී සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ රටම පොදු නීතියක් යටතට ගෙන එමට කටයුතු කරන බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *