සෙල්ෆි ගන්න ගිය තරුණයින් සිව් දෙනෙක් රූමස්සලින් පහලට වැටෙයි

උණවටුන, රූමස්සල ගලකට නැඟී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණයින් සිව් දෙනෙක් වතුරට ඇඳ වැටී අතුරුදහන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊයේ (16) සවස 4 ට පමණ මෙය සිදුව තිබේ.

තරුණයින් සිව් දෙනෙක් මෙම ස්ථානයට ගොස් ඇති අතර, පසුව අනතුරට ලක්වු තරුණයින් දෙදෙනෙක් බේරා ගැනීමට හැකිව ඇත.

අතුරුදහන්ව ඇත්තේ වයස අවුරුදු 20 ත් 21 ත් අතර වයසේ පසු වන තරුණයින් දෙදෙනෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වන විට තරුණයින් දෙදෙනා සොයා නාවික මෙහෙයුමක් දියත් කර ඇති බව ද වාර්තා වෙයි.

මෙම තරුණයින් ගිණිමැල්ලගහ, තෙලිකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

හබරාදූව පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *