නාවික හමුදා සෙබලුන් සහ මන්නාරම, සහකාර ධීවර අධ්යක්ෂක කර්යාලයට අනුයුක්ත නිලධාරීන් එක්ව 2019 ඊයේ (15) නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
මන්නාරම, ඌරුමලෙයි ප්රදේශයේ සිදු කළ වැටලිමකදී විෂ්කම්භය මිලිමිටර් 70 ට අඩු හක්බෙල්ලන් 3212 ක් සමඟ පුද්ගලයෙකු මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.
නාවික බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 31 ක් වන තලෙයිමන්නාරම ප්රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබේ.
තවද, ධිවර හා ජලජ සම්පත් පනතට අනුව මිලි මීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිනීම සඳහා ප්රදර්ශනය කිරීම, ප්රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
නාවික හමුදා බාරයට ගන්නා ලද පුද්ගලයා සහ හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්යක්ෂක කර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
