රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රයේ වැසුණු පීඨ 3ක් හෙට යළි විවෘතයි

රුහුණු විශ්වවිද්‍යාලයේ වසා දැමුණු වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ 3 ක් හෙට(17) දිනයේ යළි විවෘත කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරීය තීරණය කර තිබේ.

ඒ අනුව විද්‍යා, පශ්චාත් උපාධි හා සාගර විද්‍යා හා තාක්ෂණික පීඨය හෙට දිනයේ දී විවෘත කරනු ලබන බව මාධ්‍යට අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සූජීව අමරසේන මහතා පැවසීය.

රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් ජූලි මස 10 වන දින පස්වරු 4 සිට දින නියමයක් නොමැතිව වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරීය තීරණය කෙරිණි.

මේ අතර, විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයින් සියලු සේවා කටයුතුවලින් ඉවත්ව තිබු අතර, විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබුණි.

රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් පසුගිය 9 වන දින ගැටුමක් හටගත්තේය.

එම ගැටුමෙන් තුවාල ලැබු සිසුන් 10දෙනෙකු, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෙකු සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙක් තුවාල ලැබීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *