මැතිවරණ කල් දාන්න ආණ්ඩුව ජාතීන් අතර ගැටුම් ඇති කරනවා-නාමල්

ජාතීන් අතර ගැටුම් ඇති කරමින් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව සූදානම් වන බව. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සූරියවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිද මන්ත්‍රීවරයා පැවසුවේ මැතිවරණ කොමසාරිස් සහ ජනාධිපතිවරයා එකිනෙකාට වගකීම් පවරමින් ප්‍රකාශ නිකුත් කරන බවයි.

එයින් සිදු වන්නේ මැතිවරණය කල් යෑමක් පමනක් බවද මන්ත්‍රීවරයා එහිදි පෙන්වා දුන්නේය.

තවද වත්මන් ආණ්ඩුව කුමන්ත්‍රණකාරි ලෙස ජාතින් අතර අසමගිය ඇති කරමින් ජනතාවට ලබා දෙන සහන නැවැත්වීමටද කටයුතු කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *