ඩෙටනේටර් 290ක් සමග පිළියන්දලදී 4 දෙනෙක් අත්අඩංගුවට

පිළියන්දල පොලිස් වසමේ හැඩිගම ප්‍රදේශයේ නිවසක තිබී විද්‍යුත් ඩෙටනේටර් 290ක් සමඟ. පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විද්‍යුත් ඩෙටනේටර් සඟවා ඇති බවට ලද තොරතුරක් මත පිළියන්දල පොලිසිය සහ යුධ හමුදාව එක්ව එම සැකකටයුතු නිවස ඊයේ (15) සවස වටලා සිදුකළ සෝදිසියකදී එම ඩෙටනේටර් තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එම විද්‍යුත් ඩෙටනේටර් ගෙනවිත් දුන් පුද්ගලයා, නිවසේ හිමිකරු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කර සිටියේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *