විදුලි සැර වැදී 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට

මන්දාරම්නුවර පොලිස් වසමේ ලබු‍‍හේන්‍වල, හපුගහවත්ත ප්‍රදේශයේ දී නිවසක් අසල ඉඩමේ දී අනවරසයෙන් අඳින ලද විදුලි රැහැනක ගැටී තරුණයෙක් මිය ගොස් තිබේ.

ඊයේ(15) දහවල් 1 ට පමණ මෙය සිදුව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වු උඩවෙල, මන්දාරම්නුවර ලිපිනයේ පදිංචි තරුණයෙකි.

මෘත ශරීරය මහනුවර මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මන්දාරම්නුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *