ජවිපෙ විශ්වාසභංගයෙන් කළේ ආණ්ඩුව ශක්තිමත් කිරීම-වාසුදේව

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම තුළින් ජනතා විමුක්ති පෙරමුණ සිදුකර. ඇත්තේ ආණ්ඩුව ශක්තිමත් කිරීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

ජවිපෙ විශ්වාසභංගය ගෙන ඒමේ අරමුණ වූයේ පක්ෂයේ පව් හෝදා ගැනීම බවත් එහි ආණ්ඩුව පරාජය කිරීමේ සැළසුමක් නොතිබු බවත් ඒ මහතා කියා සිටියි.

සිය පක්ෂය විශ්වාසභංගය ගෙන ආවේ රජය පරාජය කිරීමේ සැලසුමක් ඇතිව බවත් නමුත් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඊට පක්ෂ නොවීම මත හා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් එකඟතාවයන් වෙනස් වීම හේතුවෙන් විශ්වාසභංගය අසාර්ථක වු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම තුළින් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව ශක්තිමත් කිරීම සැළසුමක් ඇතිව සිදු කර බව ඇතැමුන් ප්‍රකාශ කරන බවත් ඔහු කියා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *