මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අංඩංගුවට ගෙන තිබේ.
රුපියල් කෝටි 20 ක් වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් සිදුකරන ලද විමර්ශනයකදී අදාල සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
සැකකරු බංග්ලාදේශ ජාතිකයෙකු වන අතර ඊයේ(11) සවස නාරම්මල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 52 හැවිරිදි අයෙකු වන අතර අද(12) කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
