විශේෂ කාරක සභාව හමුවේ කරුණු පහදන්න අගමැතිත් සුදානමින්?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා ගැනීම. සඳහා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු කැඳවීමට තීරණය කර තිබේ.

විශේෂ කාරක සභාව ලබන 24 වනදා පෙරවරුවේ කැඳවීමට නියමිතයි.

ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයකු වන තරංග පතිරණ යන නිළධාරීන් ඊට කැඳවා තිබේ.

සක්‍රීය සේවයේ නිරත බුද්ධි අංශ නිළධාරීන් විශේෂ කාරක සභාව ඉදිරියට කැඳවීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

එහෙත් කථානායකවරයා දැනුම් දී තිබුණේ විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේ ඇති කර ගත් එකඟතාවක් මත ක්‍රියාත්මක වන්නක් බැවින් නිළධාරීන් ඊට අනුගතව කටයුතු කළයුතු බවයි.

මේ අතර විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශ ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සුදානමින් පසුවන බව වාර්තා වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *