රිෂාඩ්ගේ වංචා-දූෂණ ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා පොහොට්ටුවෙන් පැමිණිල්ලක්

රිෂාඩ් බදියුර්දීන් හිටපු අමාත්‍යාවරයා සිදුකරන ලද වංචා දූෂණ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන. මෙන් ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (11) පැමිණිලි කරනු ලැබුවේය.

මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් රුපියල් ලක්ෂ 50,000කට අධික මුදලක් සතොසින් වංචා කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

අද (11) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම ඩී.වී. චානක මහතා ප්‍රකාශ කළේ සතොස ගබඩාවල හාල් මෙට්‍රික්ටොන් 80,000ක් තිබියදී හාල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කර ඇති බවත් එම සහල් තොගය මාස 15ක කාලයක් ගබඩා කර තබා පරිභෝජනයට සුදුසු නැති බව පවසමින් අඩු මිලට විකුණා ලක්ෂ 50 000ක හානියක් සිදු කර ඇති බවයි.

එසේම එම සහල් ප්‍රවාහන කටයුතු සඳහා කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ආයතනයකට ලබා දී ලක්ෂ 2670 පාඩුවක් සිදු කර ඇති බවත් U TV නාලිකාවට සෑම මසකම පාහේ ලක්ෂ 15 ක් බැගින් ඊට
සතොසින් ගෙවන බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඒ පිළිබඳව ද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ඔහු පැවසීය.

මේ වන විට අල්ලස් කොමිසමට පැමිණිලි 12ක් ඉදිරිපත් කර ඇති බවත් ස්වාධීන පොලීසියක් යටතේ මේ සඳහා නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *