ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේදී නිහඬ වෙන්න

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට. සඳහා ස්වාධීවන කටයුකු කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කරන බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පවසයි

ඊයේ(10) මාධ්‍ය දහමුවකදී උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

සිවාජිලිංගම් මහතා ඉල්ලා සිටින්නේ ටෙලෝ පක්ෂයේ දෙදෙනකු දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන බවත් ඔවුන් දෙදෙනා ඇතුළු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් විසින් මෙම ‍විශ්වාසභංග යෝජනාවට සඳහා ස්වාධීවන කටයුකු කරන ලෙසයි.

මෙම ආණ්ඩුව මේ දක්වා පවත්වාගෙන ආවේ දෙමළ ජාතික සන්ධාන නිසා බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පෙන්වා දුන්නේය.

එහෙත් මෙම ආණ්ඩුව දෙමළ ජනතාවගේ ගැටළු සඳහා මේ දක්වා විසඳුමක් ලබා නොදුන් බව ම්.කේ.සිවාජිලිංගම් මහතා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *