ත්‍රස්තවාදී අනුගාමිකයින් විනාශ කළ යුතුයි-වෙන විකල්පයක් නෑ

අපිත් සමඟ ජීවත් වීමට කැමති මුස්ලිම් ජාතිකයින් ශක්තිමත් කළ යුතු කාලය එළඹ. ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඊයේ (10) පැවති ජාතික මඟ මහජන ව්‍යාපාරයේ රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අරාබිකරණය කළ සියලු දෙනාට ශ්‍රී ලාංකීකකරණය විය යුතු යැයි පැවසිය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

අන්තවාදී මතවාදවල නියැලෙන්නන්ට කියන්න ඕන ඒ අන්තවාදී මතවාදයෙන් ඉවත් වෙන්න ලෙස පැවසිය යුතු බවද සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන් පුනරුත්තාපනය කළ යුතු බව ද සඳහන් කළේය.

ත්‍රස්තවාදී ක්‍රියා කරන පිරිස් සිටිනවා නම් ඔවුන්ගේ අනුගාමිකයින් විනාශ කළ යුතු බවත් වෙන විකල්පයක් මේ ප්‍රශ්නයක් මේ ප්‍රශ්නයට නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එක් නීතියක් මේ රටේ පැවතීමට අවස්ථාවක් නොමැති බවත්, එක ඉඩම් නීතියකට එක විවාහ නීතියකට රට පැමිණිය යුතු බව ද පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේය.

අවුරුදු 12 කින් එක් ආගමට විවාහ වීමටත් අනෙක් ආගමට වයස අවුරුදු 18 න් විවාහ වීමට තිබිය නොහැකි බව ද සඳහන් කළ අමාත්‍යවරයා, 12 වන වියේ පසුවන්නේ 7 වන ශ්‍රේණියේ දැරියන් බවත්, දරුවන්ට දරුවෝ වදන්න අවස්ථාවක් ලබා නොදිය යුතු බව ද සඳහන් කළේය.

ඒ නීති රීති රටේ පොදු නීතියට එක් කර ගත යුතු බවත්, ගෙදර තමන්ට කැමති ආකාරයකින් සැරසී සිටිය හැකි වුවත් සමාජයට ගිය විට ඒ ආකාරයෙන් හැසිරිය නොහැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

මුස්ලිම්, හින්දු , බෞද්ධ හා කිතුනු සියලු ආගම්වල අනන්‍යතාවය රැක ගත යුතු බවත්, ඒ අනුව යමින් පොදු අනන්‍යතාවයට ඉඩක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *