ඉන්දියාවේ ගොඩනැඟිල්ලක කොටසක් කඩා වැටී සිව් දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ බෙංගලාරු නගරයේ ඉදිකෙරෙමින් තිබූ ගොඩනැඟිල්ලක කොටසක් කඩාවැටී තිබේ.

සිදුවීමෙන් පුද්ගලයන් සිව්දෙනෙක් මියගිය අතර තවත් නව දෙනෙක් පමණ තුවාල ලැබීය.

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයට අයත් බෙංගලාරු නගරයේ ඉදිකෙරෙමින් තිබූ ගොඩනැඟිල්ල කඩාවැටී තිබෙන්නේ ඊයේ(10) අළුයම් කාලයේයි.

ගොඩනැඟිල්ල තුළ නින්දේ සිටි වැඩබිම් සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැසක් එහි සුන්බුන්වලට යටවී තිබුණි.

සුන්බුන් තුළ සිරවී සිටි පුද්ගලයන් අටදෙනෙකුගේ දිවිබේරා ගැනීමට සහන සේවකයන් සමත්වී තිබේ.

සිදුවීමෙන් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීමටත් පියවර ගෙන ඇති බව සඳහන්.

මේ අතර සුන්බුන්වල සිරවී සිටින පුද්ගලයන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

අදාල ගොඩනැගිල්ලට අනවසරයෙත් තවත් මහලක් එක්කිරීමට යාමේදී එහි කොටසක් මෙලෙස කඩාවැටී ඇති බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *