නවසීලන්තය අවසන් මහා තරගයට

ප්‍රබල ඉන්දිය කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණි.‍

ඉන්දියාව සහ නවසීලන්ත අවසන් පූර්ව තරගය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 09 දිනයේය.

ඒ අනුව 2008 වසරේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේදී සිය කණ්ඩායම් මෙහෙයවූ විරාත් කෝලි සහ කේන් විලියම්සන් එම තරගය නැවත මතකයට නංවමින් වසර 11කට පසුව නැවත ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක කාසියේ වාසිය උරගා බැලීමට එක්වුණි.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නවසීලන්ත ඉනිමේ 47වැනි පන්දුවාරයේදී වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය තාවකාලිකව නවතා ඊයේ දින පැවත්වීමට තීරණය කෙරුණි.

ඒ වනවිට නවසීලන්තය කඩුළු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 211කි.

ඒ අනුව ඊයේ දින නවසීලන්තය සිය ඉදිරි පන්දුවාර 3 දී තවත් ලකුණු 28 ක් රැස් කරමින් පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 239ක් රැස් කළේය.

ලකුණු 240ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට නොසිතූ පීඩනයක් එල්ල කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වූයේ රෝහිත් ෂර්මා, විරාත් කෝලි, ලෝකේෂ් රාහුල් සහ දිනේෂ් කාර්තික් ලකුණු 24 ක් තුළ නැවත ක්‍රිඩාගාරය වෙත හරවා යවමින්ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *