විපක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමේ බලය දිල තියෙන්නේ මට-මහින්ද

විනය ගරුක රටක් බිහිකර, ජාතික ආරක්ෂාව තහවුරු කළහැකි, සියලූ ජාතීන්ට ආරක්ෂාව. සැපයීය හැකි නායකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (10) බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති රැස්වීමක් අමතමිනි.

ඉදිරි ජනාධිපති වරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමේ බලය තමන්ට දී ඇතැයි ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි පැවසීය.

පාර්ලිමේන්තුව හා පළාත් සභාව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

රටේ විනය පිරිහී ඇති මේ අවස්ථාවේ විනය ගරුක රටක් බිහි කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කළහැකි, සියලූ ජාතීන්ට ආරක්ෂාව සැපයීය හැකි නායකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවද ඒ මහතා අවධාරණය කළේය.

පටු දේශපාලන අරමුණු මුල්කර මගනිමින් ආණ්ඩුව කරන සෑම කටයුත්තකින්ම පීඩාවට පත් වන්නේ ජනතාව යැයිද මෙහිදී පෙන්වාදුන් විපක්ෂ නායකවරයා ආණ්ඩුව සිතා මතාම ජාතික ආගමික වශයෙන් බෙදීමක් ඇති කිරීම සඳහා පියවර ගනිමින් තිබෙනද කීවේය.

ජනාධිපතිවරණය අතළඟ තිබෙන අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කිරීම පිටුපස යටි අරමුණක් ඇතැයි සැක සිතන බවද සඳහන් කළ විපක්ෂ නයකවරයා, ආණ්ඩුවේ යටි අරමුණු පරාජය කරමින් පවත්වන ඕනෑම මැතිවරණයකින් ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇතැයිද සඳහන් කළේය.

මේ අවස්ථාවේ අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා අම්මාන් මහතා, රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටී තැන් තැන්වල බෝම්බ පුපුරන ආකාරයේ ත්‍රස්තවාදයක් මතුවූයේ වත්මන් ආණ්ඩුව බුද්ධිඅංශ මර්ධනය කිරීම නිසා යැයිද සඳහන් කළේය.

ත්‍රස්තවාදය මර්ධනය කර සාමකාමීව ජිවත් වීමේ වටපිටාව ජනතාවට දායාද කිරීම සඳහා මහින් ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම දමිළ ජනතාව මෙන්ම සමස්ත රටවැසියාම බලාපොරොත්තු වන බවද හෙතෙම එහිදි වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අවස්ථාවට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන්ද මෙහිදී අඳහස් දැකවූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා, සභාපතිජී.එල්. පීරිස් මහතා, පාර්ලිමේන්තු මන්තී්‍ර කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුලූ පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ.

Sharing is caring!

2 comments on “විපක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමේ බලය දිල තියෙන්නේ මට-මහින්ද

  1. 019 නොවැම්බර් 16 පවත්වන් ශ්‍රී ලංකා ජනාධිපති වරණයෙන් ජයග්‍රහණය කරනු ලබන්නේ කවුරුන්ද යන ගැටළුව පවතින අතර දිනෙන් දින එම පිළිතුර ගැටළු සහගත මෙන්ම සංකිර්ණ බවද පෙන්නුම් කරනු ඇත.විදේශ රට වලද මෙම ජනාධිපති වරණය පිළිබදවද දැඩි අවධානය යොමුව ඇති බව පෙනේ. එම නිසා ජයග්‍රහණය කරනු ලබන්නේ කවුරුන්ද යන්න ජෝතිෂ්‍ය පදනම් කරගෙන විමසා බැලීමේදී ඉදිරිපත් වී ඇති දේශපාලන අපේක්‍ෂකයන් අතර දෙදෙනෙක් ප්‍රධාන වේ. ඒ අනුව පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතා අන් අයට වඩා ඉදිරියෙන් සිටින බව පෙනේ. වෘශ්චික ලග්නයෙන් උපත් ලබා ඇත. අනෙකුත් අයගේ කේන්ද්‍රවල නොමැති විමල පරිවර්තන රාජ යෝගයක් මෙහි අඩංගුව ඇති බව පෙනේ.උපන් ලග්නයම නාමයෝජනා දෙන අවස්ථාවේද තිබු බව පෙනේ.රේවතී නැකතෙන් උපන් මෙතුමා නාම යෝජනා දෙන අවස්ථාවේ උත්‍රසල නැකත පැවතීමද යහපත් ගැලපීමක් බව කිව හැකිය .සජිත් ප්‍රේමදාස මහතාගේ උපන් කේන්ද්‍රයේ හතර කේන්ද්‍ර පාලුවක් පවතින බව ද දැනට සෙනසුරු ඒරාස්ටක අපල බලපෑමක් ඇති බව පෙනේ.මේ අනුව ගෝටාභය රාජපක්ෂ මහතා ජය ගනු ඇති බව පෙනේ. (ජෝතිර්වේදී කේ . සුනිල් )

  2. 2019 නොවැම්බර් 16 පවත්වන් ශ්‍රී ලංකා ජනාධිපති වරණයෙන් ජයග්‍රහණය කරනු ලබන්නේ කවුරුන්ද යන ගැටළුව පවතින අතර දිනෙන් දින එම පිළිතුර ගැටළු සහගත මෙන්ම සංකිර්ණ බවද පෙන්නුම් කරනු ඇත.විදේශ රට වලද මෙම ජනාධිපති වරණය පිළිබදවද දැඩි අවධානය යොමුව ඇති බව පෙනේ. එම නිසා ජයග්‍රහණය කරනු ලබන්නේ කවුරුන්ද යන්න ජෝතිෂ්‍ය පදනම් කරගෙන විමසා බැලීමේදී ඉදිරිපත් වී ඇති දේශපාලන අපේක්‍ෂකයන් අතර දෙදෙනෙක් ප්‍රධාන වේ. ඒ අනුව පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතා අන් අයට වඩා ඉදිරියෙන් සිටින බව පෙනේ. වෘශ්චික ලග්නයෙන් උපත් ලබා ඇත. අනෙකුත් අයගේ කේන්ද්‍රවල නොමැති විමල පරිවර්තන රාජ යෝගයක් මෙහි අඩංගුව ඇති බව පෙනේ.උපන් ලග්නයම නාමයෝජනා දෙන අවස්ථාවේද තිබු බව පෙනේ.රේවතී නැකතෙන් උපන් මෙතුමා නාම යෝජනා දෙන අවස්ථාවේ උත්‍රසල නැකත පැවතීමද යහපත් ගැලපීමක් බව කිව හැකිය .සජිත් ප්‍රේමදාස මහතාගේ උපන් කේන්ද්‍රයේ හතර කේන්ද්‍ර පාලුවක් පවතින බව ද දැනට සෙනසුරු ඒරාස්ටක අපල බලපෑමක් ඇති බව පෙනේ.මේ අනුව ගෝටාභය රාජපක්ෂ මහතා ජය ගනු ඇති බව පෙනේ. (ජෝතිර්වේදී කේ . සුනිල් )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *